ආයුබෝවන්

ඔබ සැම කො/ ධර්මරාජ මහා විද්‍යාලය (ජාතික පාසල) - පිළියන්දල වෙත සාදරයෙන් පිළිගනිමු

>> උසස් පෙළ 2026 අයදුම් පත්‍රය

>> 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන 2024 අයදුම් පත්‍රය

පාසල් ගීතය

සුවි සුදූ මාතා දිනේ මාම්පේ ධර්මරාජ විදූහල් මාතා
නැණ එළි දල්වා දිය දද නංවා වැඡඹෙන අප විදූහල් මාතා........//

ඔබ සුව සෙවණේ් විදූරජ දහනේ
අපි සැනසෙමු මාතා
නැණ එළි දල්වා දිය දද නංවා
වැඡඹෙන අප විදූහල් මාතා

සුවි සුදූ මාතා........................//

ගත සිත මෙහෙයා රට දැය උදෙසා
නිති වෙහෙසෙන ඡනතා
යහගුණ දරුවන් හෙළ සුර විරුවන්
දැඩිකර වන විදූහල් මාතා

සුවි සුදූ මාතා........................//

විදූමිණි රුවනේ ඔවදන් කිරණේ
අපි කිමිදෙමු සැමදා
ගුණ ගී ගයමින් බැති මල් පුදමින්
ඔබ නමදිමු විදූහල් මාතා

සුවි සුදූ මාතා........................//

දැක්ම

"ඵලදායි අභිමානවත් තරුණ පරපුරක්"


මෙහෙවර

“ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහිත අනාගත වැඩලෝකයට දැනුම, ආකල්ප සහ කුසලතා වලින් හෙබි නිරෝගී අභිමානවත් තරුණ පරපුරක් සමාජගත කිරීම”


පාසල් ඉතිහාසය

පිළියන්දල කලාපයට අයත් පාසල් 96 අතුරින් බෞද්ධ මිශ්‍ර පාසලක් වන බප/පිළි/ ධර්මරාජ මහ විද්‍යාලය වසර 76 ක පෞඩ ඉතිහාසයක් ඇති පාසලකි. බෞද්ධ අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ප්‍රදේශවාසී බෞද්ධ ප්‍රභූවරුන් සහ දානපතීන් දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1946 මැයි මස 05 වන දින “මාම්පේ ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව” මාම්පේ ශ්‍රී විජයවර්ධන විහාරස්ථ ධර්මශාලාවේ ආරම්භ කරන ලදී.ඉන් අනතුරුව “මාම්පේ ශ්‍රී සෝභිත පාඨශාලාව” යන නමින් නම් කරන ලද්දේ ශ්‍රී සෝභිත හිමිපාණන් වහන්සේට උපහාරයක් වනු පිණිසය. අනතුරුව වත්මන් පාසල පිහිටි වටිනා භූමි භාගය පාසල ඇරඹීම සඳහා එවකට පිළියන්දල නගරාධිපතිව සිටි එච්.පී. විජයනන්දන මැතිතුමා විසින් පරිත්‍යාග කරන ලදී.

එදා මෙම පාසල ගුරුවරුන් 07 දෙනෙකුගෙන් සහ සිසුන් 320 ගෙන් ආරම්භ වූ අතර වර්තමානයේ එය ගුරුවරුන් 56 කින් හා දහසකට අධික සිසුන්ගෙන් යුත් මහ විද්‍යාලයක් බවට පත් වී ඇත. වර්ෂ 1965 මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් වීමත් සමඟම පාසල පෝෂිත ප්‍රදේශයේ දරු දැරියන්ට අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටීමට අවස්ථාව සැලසින.  1977 පසුව ඇති කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් පසුව මෙම විද්‍යාලය “මාම්පේ ධර්මරාජ මහ විද්‍යාලය” යනුවෙන් නම් කරන ලද අතර 6 වන ශ්‍රේණියේ සිට ඉහලට පංති පැවැත්වෙන මහ විද්‍යාලයක් බවට පත් විය. 2022 වර්ෂයේදී "කො/ ධර්මරාජ මහා විද්‍යාලය (ජාතික පාසල) - පිළියන්දල" යනුවෙන් නම් කරන ලද අතර ජාතික පාසලක් බවට පත් විය.

පරිපාලනය

පරිපාලනය

පාසල් පරිපාලන අංශය නියෝජනය කරන නිලධාරින්

S.L.A.P. සමරවික්‍රම මයා

විදුහල්පති

J.D.S.S.පෙරේරා මිය

නියෝජ්‍ය විදුහල්පතිනි

R.M.P.L.K. බෝගහකුඹුර මිය

නියෝජ්‍ය විදුහල්පතිනි
(අධ්‍යාපන සංවර්ධන හා සැලසුම් )

D.S.P. සිල්වා මිය

නියෝජ්‍ය විදුහල්පතිනි
(අධ්‍යාපන පරිපාලන)
අප අමතන්න

අප අමතන්න

ලිපිනය

කො/ ධර්මරාජ මහා විද්‍යාලය (ජාතික පාසල), දේවාල පාර, පිළියන්දල.

ඊමේල් ලිපිනය

mampedharmarajapilizone@gmail.com

දුරකථන අංකය

+94 0112 617 700

Loading
Your message has been sent. Thank you!